May 4, 2024

පස්දුන්කෝරළේ හිතහොඳ දඩබ්බරයා... ඔහුම සැකසූ සුසානයේ දී දැයෙන් සමුගනී... රටක් සංවේදී කළ මොහොතක්...



Published April 20, 2024, 12:01 p.m. by Bethany


#thewarapperuma #palithathewarapperuma #funeral

මිනිසත්කමේ සුවඳ හඳුනාගත් පස්දුන්කෝරලේ හිත හොඳ දඩබ්බරයා, අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදුකෙරුණි.මහා ජන ගඟක සෝ සුසම් මැද ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම තනාගනු ලැබූ සුසාන භූමියේදීය.හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 16 වැනිදා පස්වරුවේය.ඒ මහතාගේ දේහය රැස්ව සිටි පිරිසගේ සෝ සුසුම් මධ්‍යයේ පෙරේදා රාත්‍රියේ මතුගම යටදොළවත්තේ පිහිටි නිවසට රැගෙන ආවේය.ඒ මොහොතේ සිට ඊයේ රාත්‍රියේත්, අද දවස දවස පුරා තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලනඥයින් හා ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද පෙරවරුවේ පැමිණ සිය පක්ෂයට මෙන්ම මෙරට ජනතාව වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකළ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් බුහුමන් දැක්විය.ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පැමිණියේය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අද පෙරවරුවේ තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරවය පුදකළේය.සිය අසහාය දේශපාලන නායකයාගේ මේ හදිසි වියෝව ප්‍රදේශවාසී ජනතාවට තවමත් දරාගත නොහැකි කම්පනයකි.පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වෙනුවෙන් අවමංගල්‍ය සභාව පස්වරු 2ට පමණ ඇරඹුණේ අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙනි.අනතුරුව දේහය රැගත් අවමංගල්‍ය පෙරහර, තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහු විසින්ම ඉදිකළ සුසානය පිහිටි ප්‍රදේශයට ගමන් ඇරඹුවේය.මෙරට දේශපාලනයේ පෙරළිකාරී මෙන්ම මානවවාදී ගුණයන්ගෙන් අගතැන්පත් පරිච්ඡේදයක නිමාව සනිටුහන් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද පස්වරුවේ දැයෙන් සමුගත්තේය.දේශපාලනඥයෙකු ලෙස ජනතාව වෙනුවෙන් කැපවී වැඩ කළ පාලිත තෙවරප්පෙරුම මහතාට උතුම් නිර්වාණය අවබෝධ වේවායි "අද දෙරණ" අපේ පැතුමයි.

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා

#news #adaderana #SriLankaNews #DeranaNews #tvderana #live #YouTubeLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #sports #business #Technology #entertainment #PoliticalNews #TrendingNews #ViralNews

You may also like to read about:



Resources:

Similar videos

2CUTURL

Created in 2013, 2CUTURL has been on the forefront of entertainment and breaking news. Our editorial staff delivers high quality articles, video, documentary and live along with multi-platform content.

© 2CUTURL. All Rights Reserved.